ට්‍රම්ප් – සොහ්රාන් හමුවක්

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පළමු වරට නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත් වූ සොහ්රාන් මම්දානි ධවල මන්දිරයේදී  සිකුරාදා දින හමුවීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හමුවීමෙහි විශේෂත්වය වන්නේ මෙවර මැතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරුද්ධත්වය පළ කල අපේක්ෂකයා සොහ්රාන් මම්දානි වීමයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා දින සමාජ මාධ්‍ය සටහනකින් මෙම හමුව නිවේදනය කර තිබේ.

ජනාධිපතිවරයා තම උපන් ගමේ ඡන්දදායකයින්ගෙන් මම්දානිගේ ප්‍රතිවාදියා වන හිටපු නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝට සහාය දෙන ලෙස ඉල්ලා සිටි අතර ප්‍රසිද්ධ ප්‍රකාශවලින් මම්දානිට පහර දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *