අයවැයට වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ විරෝධය

මෙවර අයවැය මගින් වෛද්‍යවරුන් නොසලකා හරිමින් ඔවුන්ගේ පහසුකම් කප්පාදු කර ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.

ආදායම් බදු හේතුවෙන් විශාල පීඩාවකට පත්ව සිටින වෛද්‍යවරුන්ට මෙවර අයවැයෙන් හෝ සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම්  සහ දීමනා ලබාදීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

වෛද්‍යවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රය හෝ දේශපාලන අධිකාරියට ලබාදෙන ආකාරයට ප්‍රවාහන පහසුකම්  සැලසිය යුතු බවත් හෙතෙම කීවේය.

වෛද්‍යවරුන් සඳහා ප්‍රමාණවත් නිල නිවාස ඇතුළු නේවාසික පහසුකම් නොමැති බවත් මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *