ලෝක පාර්ලිමේන්තු සංගමයෙන් ලංකාවට සහතිකයක්

ජිනීවාහි  151 වන අන්තර් පාර්ලිමේන්තු සංගම් (IPU) සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රගතිය විශේෂ ඇගයීමට ලක්විය

ජිනීවාහි පැවැත්වූ 151 වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සමුළුවට සමගාමීව සංවිධානය කෙරුණු  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ රැස්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ස්ත්‍රී පුරුෂ හවුල්කාරිත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සැසියේදී, පාර්ලිමේන්තුවේ  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේ අත්දැකීම්, යහපත් භාවිතයන් සහ අභියෝග හුවමාරු කර ගැනීම සඳහා බෙනින්, භූතානය, බුර්කිනා ෆාසෝ, චැඩ්, ගැම්බියාව, නැමීබියාව, සියරා ලියොන්, තුර්කිය සහ සැම්බියාව යන රටවල නියෝජිතයෝද  පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *