අස්වැසුමේ හිල් වහන්න මැතිසබා කමිටුවෙන් නියෝගයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව ඇත.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් කාරක සභාව දැනුවත් කර  ඇත.

තවද අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙනීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් තෝරාගැනීම සඳහා භාවිත කරනු ලබන නිර්ණායක පිළිබඳවද  කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එම නිර්ණායක මත අදාළ ප්‍රතිලාභ ලබා දීම සඳහා නිවැරදිම පුද්ගලයින් තෝරා ගැනීමේදී ගැටලුකාරි තත්ත්වයක් පැන නැගී ඇති ආකාරය පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරුන්  නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා පුද්ගලයින් නිර්ණායක 22ක් යටතේ තෝරාගනු ලබන බැවින් එම නිර්ණායක ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කළ යුතු බවද කාරක සභාව  මෙහිදී පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *