ලොකු ලූනුවලට නම් පටබඳිති

දේශීය ලොකු ලූණු විකුණා ගැනීමට නොහැකිව නරක් වේද්දී ලූනු අලෙවිකරන්නන් ලොකු ලුණුවලට අලුත් නම් රැසක් පටබැඳ ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු කියති.

ඒ අනුව අලෙවි කර ගැනීමට නොහැකි වූ ලොකු ලූනු තෝරා කොටස් කිරීමේදී චාටර්, සුපින්, සිනි සම්බල් සහ ලොකු ලුණු යන නම් වලින් හඳුන්වන බව ගොවීහු කියති.

මෙතරම් ලොකු ලූනුවලට විනාශයක් කිසි දිනෙක සිදු නොවූ බවද ලොකු ලුණු ගොවීහු පවසති.

මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිපුරම දේශීය ලොකු ලූනු වගාව සිදුකෙරන සීගිරිය ප්‍රදේශයේ ගොවීන් මේ වන විටත් තම අස්වනු විකුණා ගත නොහැකිව විනාස වී යන ආකාරය පෙන්වා දෙති.

ඔවුන්ගේ නිවෙස් වල තබා ඇති ලුනු දින පතා විනාශ වී නිවෙස් අවට සහ කුඹුරුවලට විසි කර ඇති  අයුරු ද ඔවුහු පෙන්වා දෙති .

කෙසේ වෙතත් දේශීය ලොකු ලූනු ගොවීන් සඳහන් කර සිටින්නේ ඉදිරි කන්නවල ලොකු ලූනු වගාවෙන් ඉවත්වීමට සිදුවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *