විපක්ෂ ජන රැළියට එජාපෙන් හරීන්

ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය සංවිධාන කරන ” මහා ජන හඬ” ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී කර වීමට තීරණය කර තිබේ.

මෙම ජන රැළිය නුගේගොඩ දී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හඬ එකතු කිරීමේ පළමු පියවර ලෙස මෙම ජන රැළිය සංවිධාන කරන අතර මෙම රැළියෙන් අනතුරුව අඛණ්ඩව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට යාමට නියමිත බව පොදු විපක්ෂයේ පක්ෂ නායකයෝ ප්‍රකාශ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *