අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රිය සොයාගනී

අම්බලන්ගොඩ නගර සභාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තබා පළා ගිය මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුවන් කළ එම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි  පුද්ගලයකු බරපතල තුවාල ලබා බලපිටිය බෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ අම්බලංගොඩ ‍පොලිසිය සහ විමර්ශන කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෙම මෝටර් රථය එගොඩ වෙල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

සීසී ටීවී දර්ශන සහ අනෙකුත් විමර්ශන ආශ්‍රයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් මෝටර් රථය අම්බලන්ගොඩ පොලිසියට බාර දී ඇත. ඇල්පිටිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත අම්බලන්ගොඩ ‍පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *