විශේෂ කාර්ය බලකායට ත්‍රිරෝද රථ පනහක්

විශේෂ කාර්ය බලකාය සඳහා යතුරු පැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23 ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ. එම බලකාය වෙත පැවරී ඇති රාජකාරී ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314 න් 90%ක් පමණ වසර 10 කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ. එම තත්ත්වය විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී තිබේ. ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව ඵලදායි ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරු පැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *