“වැරදි වෙලාවට බදු ගහලා දේශීය ගොවියා අමාරුවේ” – විපක්ෂ නායක

ආණ්ඩුව නියමිත වේලාවට බදු පැනවීම නොකරන නිසා දේශීය ගොවියා අසීරුතාවට පත්වන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය .

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 245/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය පිළිබඳ විවාදයේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

දේශීය ලොකු ලුනු වල පිරිවැය කිලෝ එකට රුපියල් 250 ක් වෙනවා.ගොවියා රැක ගැනීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට මිලදී ගැනීමේ හැකියාව සැලසෙන පරිදි ආණ්ඩුව තීරණ ගත යුතුයි. ඇත්තෙන්ම මේ දේවල් සිදු වෙනවාද?මෙහි දෝෂ රැසක් තියෙනවා.ආණ්ඩුව  නියමිත වේලාවට බදු පනවන්නේ නැහැ.

බදු පනවන විටත් ආනයනකරුවන් විශාල වශයෙන් අර්තාපල් සහ ලොකු ලුනු ගෙන්නා ගෙන රැස් කරගෙන සිටිනවා. එවිට ආනයන කරුවාට වාසිය යනවා. දේශීය ගොවියා පීඩාවට ලක්වෙනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *