“හෙට රට බාර ගන්න තරුණයා අද හදමු” – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ඊළඟ දශක හතරේ රට බාරගන්න සිටින නවීන තරුණ තරුණියන් ගොඩනගන වගකීම මේ වසර හතර ඇතුලත ජාතික තරුණ සේවා සභාවට හා ජාතික යොවුන් සේනාංකයට පැවරී තිබෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් හමුවේ පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ජාතික යොවුන් සේනාංකයේ මෙතෙක් ප්‍රගතිය විමසීම පිළිබඳ පැවති හමුවකදීය.

මෙහි දී යොවුන් සේනාංකය සඳහා බඳවා ගත් නව උපදේශකවරුන් 26 දෙනකු සඳහා පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් පසු  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි යන ක්ෂේත්‍ර වලින් ප්‍රවීණ ජාත්‍යන්තරයට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කිරීමේ වගකීම පවතින බවයි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *