දකුණු මුහුදෙන් ඇල්ලූ ’අයිස්’ අයිස් දැයි සොයයි

දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් සිය භාරයට ගත් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්  839.254ක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා  නියෝග කළේය.

මත්ද්‍රව්‍ය තොගය අධිකරණයට ඉදිරිපත් කරමින්  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව රජයේ  රස පරීක්‍ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය 14 වැනි දින තංගල්ල මුහුදේ පාවෙමින් තිබු අයිස්  කිලෝ 670 ග්‍රෑම් 676සහ හෙරොයින් කිලෝ 156 ග්‍රෑම්  542 සහ හෂිස් කිලෝ 12 ග්‍රෑම්036 ක මත්ද්‍රව්‍ය  තොගය මෙසේ පසු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට නියෝග කළේය.

තංගල්ල රැකව මුහුදේ  සැක කටයුතු උර තොගයක් පාවෙමින් තිබෙන බවට ධීවරයින් පිරිසක් දෙන ලද තොරතුරකට අනුව අදාල මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව  මත්ද්‍රව්‍ය කාර්යාංශය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසුව  මත්ද්‍රව්‍ය තොගය තංගල්ල ධීවර වරාය වෙත රැගෙන පැමිණ කාර්යාංශය වෙත ලබා දුන් බව පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනයන අවසන් කර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙසට ලෙසටද   පොලිසියට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *