’’රෝස මාසය’’ ගැන පාර්ලිමේන්තු විවාදයක්

රෝස මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීම  පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය වශයෙන් නම් කර තිබේ.

මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා ගැනීමටත් මන්ත්‍රීවරියන් රෝස පැහැයෙන් සැරසීමටත් තීරණය විය.

මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී  අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විදෙස්ගතවීම හේතුවෙන් තාවකාලිකව පත්කරගනු ලැබූ සභාපතිනිය වන  පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ මෙම රැස්වීමේදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය ඇතුළු වෛද්‍යවරියන් විසින් පියයුරු පිළිකා මර්දනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීම සිදුවිය.

ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් 3 දෙනෙකු පමණ මිය යන බවත් මෙහිදී ඔවුහු පැවසූහ.

පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැකි යැයි ද ඒ සදහා සිදුකරන පරීක්ෂාවන් වලට අමතරව ස්වයං පියයුරු පරීක්ෂාව ද සිදු කර ගත යුතු බවත් වෛද්‍යවරියෝ පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *