සජබ එක්ක යාළුකම වැඩි කරගන්න එජාපෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා මහත්ම මහත්මීහු මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒමේ ස්ථාවරය යථාවත් කිරීම සඳහා මෙම පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂය කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *