ගුවන් විදුලි සංඛාත වෙන්දේසි කරන රෙගුලාසි පාර්ලිමේන්තුවට

ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම පිණිස 2024-07-17 දින පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ. එකී සංශෝධනය අනුව එම පනතේ 22 වන වගන්තියේ (7) වන උප වගන්තියේ විධි විධාන පරිදි ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පැනවිය යුතුව ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අංක 2397/30 හා 2024-08-14 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ‘2024 අංක 02 දරන ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි ‘ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *