ජේලර්ට අල්ලස් දී බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනියලා

ජේලර් වරයෙකුට රුපියල් 35,000 ක් අල්ලසක් ලෙස ලබාදී බන්ධනාගාර ගතව සිටින සොහොයුරාට අයිස්, හෙරෝයින් සහ  ජංගම දුරකථනයක් ලබාදීමට පැමිණි බව කියන කාන්තාවක භාරයට ගෙන කළුතර උතුර පොලිසියට භාරදුන් බව කළුතර බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .

මෙසේ භාරදී ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක බව සදහන් වේ.

සැකකාර කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 17 කට ආසන්න ප්‍රමාණයක් , ජංගම දුරකථනයක්, බැටරි දෙකක් සමග භාරයට ගෙන තිබේ.

සැකකාර කාන්තාවක ජේලර් වරයෙකු සමග දුරකථනය ඔස්සේ  සම්බන්දවී, බන්ධනාගාර ගතව සිටින රැදවියාට මත්ද්‍රව්‍ය , ජංගම දුරකථනය සහ සිම්පත් දෙකක් ලබාදීම සදහා ජේලර් වරයාට  රුපියල් 35,000 ක මුදලක් ඉල්ලා ඇති බවට සැකකාරියගේ ප්‍රකාශවලින් හෙලිව ඇතැයි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට සැකකාර ජේලර් වරයා සම්බන්ධයෙන් වෙනම විමර්ශන සිදුකරන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *