ඇමති මණ්ඩල සංශෝධනය කළ හේතුව කියයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන ලද්දේ රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බව  ජනාධිපති කාර්යාලය පවසයි.

2026 අයවැයට සමගාමීව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය කරන ලද  බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක්  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ  දිවුරුම් දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *