වෙනස් වූ අමාත්‍යවරු

නව කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

නව  සංශෝධනයට අනුව අමාත්‍යවරුන් දෙදෙනකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විෂය පථයන් වෙනස් කර ඇතැයි දැනගන්නට ඇත.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දි ඇත.

දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් වන්නේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමත්‍ය, ටී.බී.සරත් මතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා ආගමික සහ සංස්කෘතික  කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එරංග ගුණසේකර මහතා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාතවරයා ලෙසත්, වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා  සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය ලෙසත්, අරවින්ද සෙනරත් විතාරණ  මහතා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එච්.එම්. දිනිදු සමන් කුමාර මහතා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, යු.ඩි. නිශාන්ත ජයවීර මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරය ලෙසත්,  අයි.එම්.එමි. අර්කම් මහතා බලශන්ති නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් පත්කර ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබේ.

අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අනුර කරුණාතිලක මහතා දිවුරුම් දුන් අතර  නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ අනුර කරුණාතිලක මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස  දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *