බන්ධනාගාරෙට කෑම දෙන්න ලංසුව පිරිනමයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025/26 වර්ෂයට අදාලව බන්ධනාගාර ආයතන 31 ක් සඳහා ආහාර කාණ්ඩ 11ක් යටතේ ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම පිණිස සැපයුම්කරුවන් තෝරා ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලංසු කැඳවා ඇත.

ඒ අනුව ලැබී ඇති ලංසු 945ක් ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, 2025/26 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 4,317 ක් වන මුළු මුදලකට, තෝරා ගනු ලැබ ඇති සැපයුම්කරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *