කුලී රථ රියදුරෝත් මැතිසබයට

කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයෝ පිරිසක්  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළහ.

ප්‍රවාහන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම අරමුණු කර ගනිමින් මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ එම අනු කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අනු කාරක සභාව පෙන්වා දුන්නේ රියදුරා, මගියා යන සියලු පාර්ශ්වයන්ට සාධාරණ ආකාරයෙන් ප්‍රවාහන අංශය සම්බන්ධයෙන් නිර්නායක සකස් විය යුතු බවයි. කුලී රථ කර්මාන්තය  සම්බන්ධයෙන් එම වෘත්තීන්වල නිරතවන පුද්ගලයින්ගේ අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වන බව අනු කාරක සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පැමිණි නියෝජිතයින් තම අදහස් සහ යෝජනා අනු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවා ලිඛිතව ඉදිරියේදී අනු කාරක සභාවට වඩාත් විස්තරාත්මකව ලබාදීමටද එකඟ විය. මේ අනුව  ප්‍රවාහනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමේදී මෙම යෝජනාද සලකා බලන බව ඇය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *