සේවක අර්ථසාධක ගැටලු විසැඳුම් සතියක් ප්‍රකාශ කරයි

නොවිසඳුණු සේවක අර්ථ සාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසැඳුම් ලබා දීමට ජංගම සේවා වැඩසටහන් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවයේ නියුතු අයට කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම දිස්ත්‍රක් හා උප කම්කරු කාර්යාල වල මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන් සතිය ක්‍රියාත්මකය.

සැප්තැම්බර් මස 22 සිට සැප්තැම්බර් මස 26 දින දක්වා එම සේවා පැවැත්වේ.

* සේවක අර්ථ සාධක අරමුදල් සාමාජික ගිණුම් තොරතුරු/ ශේෂ පිරික්සීම.

* නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත අනුව නිවැරදි කර ගැනීම.

*සාමාජිකයින් ලියාපදිංචි කිරීම

* පැමිණිලි භාරදීම

*කම්කරු නීති සම්බන්ධව උපදෙස් ලබා ගැනීම යන සේවාවන් මෙහිදී ලබා ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.

එම සේවාවන් ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත, බී කාඩ්පත (ලියාපදිංචි වී ඇත්නම්), සේවායෝජකගෙන් ලබා ගත් ලිපිය (සංශෝධන සිදුකර ගැනීමට අවශ්‍යනම්) රැගෙන පැමිණිය යුතු බවද කම්කරු දෙපාර්තමේන්තුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *