තුසිත හල්ඔලුවට ඇප

සිය වාහනයට  වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව  ඇප මත මුදා හැරීමට   කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ලහිරු සිල්වා මහතා   නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂ පහළොවක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝගග කළේය.

සෑම මාසයකම අවසන් ඉරුදිනම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *