මාගම්පුර වරාය බැංකුවකට කෝටි 683 ක් පොලු තියලා

මාගම් පුර වරාය කළමනාකරණ සමාගම පෞද්ගලික බැංකුවකින් ලබාගෙන තිබූ ඩොලර් මිලියන 24 ණය මුදලකින් රුපියල් කෝටි 683 ක මුදලක් පියවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙම මුදල අය කර ගැනීමට එම බැංකුව පරිපාලිත සමාගමට සහ අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බවද කෝප් කමිටුව පවසයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් 2022 ජුනි මස සිට ඈවරකරුවකු පත්කර මාගම් පුර වරායේ කළමනාකරණ සමාගම ඈවර්ගිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් වරාය අධිකාරියේ නිලධාරීහු කෝප් කමිටුවට දැනුම් දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ කෝප් කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ සෑහීමට පත්විය නොහැකි බවයි.

සමාගම ඇවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දෙන සභාපතිවරයා ණය ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට නිර්දේශ කළේය.

එසේම මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අදාල නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කමිටුව නිර්දේශ කර ඇත.

එසේම මේ සම්බන්ධයෙන් ගන්නා තීරණ ඇතුළත් කර වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසටද මෙහිදී නිර්දේශ කෙරිණ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *