කීරි සම්බා සඟවලාද?

තොග වෙළෙන්දන් අලෙවි කරන කීරි සම්බා කිලෝවක මිල පාලන මිලට වඩා වැඩිවීම හේතුවෙන් වෙළඳපොලේ දැඩි කීරි සම්බා ඉඟියක් පවතින බව වෙළෙන්දෝ  පවසති.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති කීරි සම්බා කිලෝවක පාලන මිල  රුපියල් 260ක් වුවත් පිටකොටුව තොග වෙළෙන්දන්ට කිරි සම්බා කිලෝවක් මහා පරිමාණ තොග වෙළෙන්දන්ගෙන් ලැබෙනුයේ රුපියල් 320 මුදලට බව ඔවුහු කියති.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී පිටකොටුව තොග වෙළෙන්දන් අතරින්  බොහෝ දෙනෙක් කීරී සම්බා  මේ දිනවල අලවි නොකරන බව පැවසූහ.

තොග වෙළෙන්දන් කීප දෙනෙකු සතුව පැවති කිරි සම්බා තොග පාලන මිල වන රුපියල් 260 මුදලට කිලෝවක් අලවි කරන බවත් එම තොග අවසන් වීමෙන් පසු නැවත වැඩිමුදලට කීරි සම්බා මිලට නොගන්නා බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *