මොරටුව හිටපු නගරාධිපති රිමාන්ඩ්

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා නියෝග කළේය.

2013 වසරේ මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනකට අදාල කොන්ත්‍රාත්තු 112 ක් ප්‍රජාපාදක සමිති 12 කට තම අභිමතය පරිදි කොන්ත්‍රාත් ලබාදී මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශවයට හැර වෙනත් පාර්ශව වෙත මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *