අවුරුද්දකට ළමා පිළිකා රෝගීන් නවසීයක්

වාර්ෂිකව ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් නව සියයක් පමණ වාර්තා වන හෙයින් සැකසහිත රෝග ලක්ෂණයක් පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

දරුවන්ගේ පිළිකා සුව කර ගැනීමට වැඩිය හැකියාවක් පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව කල්පනාවෙන් සිට කඩිනම් වෛද්‍ය  උපදෙස් ලබා ගත යුතු බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක මහතා කීය.

එම රෝග පරීක්ෂාව සඳහා දිවයින පුරා රෝහල් වල පහසුකම් සපයා ඇති බවද වෛද්‍ය රුක්මාල් මහතා සඳහන් කළේය.

උපතේ සිට අවුරුදු 19 දක්වා දරුවන්ට සෑදෙන පිළිකා ළමා පිළිකා වශයෙන් හැඳින්වෙයි.

වාර්ෂිකව මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන අතර එයින් දරුවන් දෙසීයකට පමණ ජීවිතයෙන් සමු ගැනීමට සිදුවන බව මෙහිදී අනාවරණය විය.

ඒ අනුව සැප්තැම්බර් ළමා පිළිකා පිළිබඳව දැනුවත්වීමේ මාසය ලෙස නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *