පාසල් වෑන් අනතුරේ තුවාල දරුවන් බලන්න ඇමතිලා රෝහලට

කුලියාපිටිය පාසල් වෑන් රථ අනතුරෙන් තුවාල ලැබූ  දරුවන්ගේ සුව දුක් මෙම සහ බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් කුරුණෑගල රෝහලට ගියහ.

කුලියාපිටිය, විලපොළ මංසන්ධියේ පල්ලෙවෙල පාලම මත 27 උදෑසන සිදුවූ මාරක රිය අනතුරෙන් දරුවන් දෙදෙනකු සහ රියැදුරු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දරු  පිරිසක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටිති.

එම දරුවන් ගේ  සුවදුක් විමසා බැලීම සඳහා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී  වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *