රාජ්‍ය නිළධාරීන්ට නොමිලේ සංඥා භාෂා පාඨමාලාවක්

රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් රාජ්‍ය නිළධාරීන් 68 දෙනෙකු සඳහා කන්ඩායම් දෙකක් යටතේ පාඨමාලාව ලබාදීමට නියමිතය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ මූළිකත්වයෙන්  ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලවක් වන මෙය දින 24ක් තූල සිදුකරන අතර එහි  සම්පූර්ණ පාඨමාලා කාලය  පැය 60කි.

2026 වසරේ මුළු දිවයිනම ආවරණය වන ලෙස දිස්ත්‍රික්ක 25ට පාඨමාලා 25ක් පැවැත්වීමට නියමිත අතර කන්ඩායමකට නිළධාරීන් 25 බැගින් නිළධාරීන් 625 දෙනෙකුට නොමිලේ අවස්තාව ලබාදීමට සැලසුම් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *