වතු නිවාස පිළිසකරයට අරඹයි

ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වතුකම්කරුවන් පදිංචි නිවාස අලුත්වැඩියා කිරිමේ කටයුතු ජාතික ජන බලවවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

පළමු අදියර යටතේ හැටන් කලාපයේ නෝර්වුඩ් සහ වෙන්චර් යන වතුවල වතු කම්කරුවන් දැනට පදිංචි ඉතා අබලන් තත්වයේ පවතින නිවාසවල වහළවල් අලුත්වැඩියා කර සෙවිලි තහඩු ඇතිරිම සිදු කරන අතර, ඒ සදහා වතු පාලන අධිකරියේද සහයෝගය ලබා ගැනීමට නියමිතය.

වසර ගණනාවක් අලුත්වැඩයා නොකරන ලද තම නිවාස අලුත්වැඩියා කිරිම සම්බන්ධයෙන් වත්මන් රජයට ස්තූතිය පල කරන බව පීඩාවට පත් වී සිටි වතු කම්කරුවෝ පවසති.

පළමු අදියර යටතේ හැටන් සහ නුවරඑලිය කලාපයෙ තෝරාගත් වතු රැසක මෙම ව්‍යාපෘතිය සිදු කරන බවත්, මේ සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වෙන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *