“විදුලි බල පනතින් උපයෝගීතා කොමිසමේ තටු කැපෙන්නේ නෑ”

විදුලි බල සංශෝධන පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය ආදී සුභසාධන සේවාවන් මෙන්ම බලශක්ති ආදී ක්ෂේත්‍රයන්ද රාජ්‍ය මැදිහත්වීමෙන් පැවතිය යුතු බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි.ඒ ක්ෂේත්‍ර වල පෞද්ගලික අංශය වලට අවකාශයක් නැතැයි එයින් අදහස් වන්නේ නැහැ.අප රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කරන්නේ පෞද්ගලික අංශයට බාධා නොවන ආකාරයටයි.

විදුලි මිලදී ගැනීම් සඳහා නියාමන අනුමැතිය ලබා ගැනීමටද මේ පනතින් අවස්ථාව ලැබෙනවා.එමෙන්ම හදිසි මිලදී ගැනීම් අනවශ්‍ය ලෙස සිදු නොකිරීමටද මේ පනතින් ප්‍රතිපාදන සැලසෙනවා.ඒ වගේම මේ පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැහැ.ගාස්තු තීරණය කිරීමේදී එය මුදල් අමාත්‍යංශයෙන් විමසා සිදු කළ යුතු බව පමණක් දක්වා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *