ජනතාවට නීතිය කියා දෙන්න අධිකරණ අමාත්‍යාංශය රට පුරා යයි

ජනතාව තවදුරටත් රාජ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවැසීය.

Know Your Neethi ( ඔබේ නීතිය හඳුනා ගන්න) තේමාව යටතේ මහජනතාවට නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ජනතාවට යුක්තියට ප්‍රවේශ වීමට ඇති අවස්ථා ලබාදීම සදහා ඔවුන්ට සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් වූ දැනුම අවබෝධය ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා මුලික නීතිය සම්බන්ධයෙන් අවබෝධය නොමැතිවීම හේතුවෙන් තමන්ට පවතින ප්‍රශ්න ගෙන යා යුත්තේ කුමන ස්ථානයට යන්න දැනුම ඔවුන්ට නැති බව පැවසීය.

මේ තත්ත්වය අවම කිරීම සදහා දැනුවත් කිරීමේ  වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වෙන බව කී අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීතිය සම්බන්ධව සාමාන්‍ය ජනතාවට අවබෝධය ලබාදීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කළේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, ජාතික භාෂා අධ්‍යාපන ආයතනය, භාෂා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන අධිකාරිය, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, ණය සහනදායක මණ්ඩලය, ජාතික ළමා රක්ෂක අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, වැවිලි සහ ජ්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කම්කරු විනිශ්චය සභාව, පොලිස් කොමිසම, පොලිස් පරිගණක අපරාධ විමර්ශන ඒ්කකය, වතු වෘත්තීය සමිති, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන විසින් නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබදව දැනුවත් කිරීමේ කුටි ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *