කෙහෙල්බද්දර පද්මේට හොර උප්පැන්නක් හැදූ නිලධාරිනය රිමාන්ඩ්

කල්ගත වූ උප්පැන්න ලියාපදිංචි කිරීමේ රෙගුලාසිය අවභාවිතා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලියාපදිංචිකර නිකුත් කළේ යැයි කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ථාර් රුවිනි වාසනා සැකකාරිය ලබන 28 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය  නියෝග කළාය.

අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකාරිය ඉදිරිපත් කරමින් කියා සිටියේ රාජ්‍ය නිලධාරියකුව සිටිමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමට ආධාර අනුබල දෙමින් දණ්ඩ නීති සංග්‍රහයේ හා ආගමික විගාමික පනතේ වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *