පොලිස්පති නෙරපන හැටි මැතිසබයට කියයි

මැති සභා ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන්පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වරදකරු කර ඇති හෙයින්  ඔහු නෙරපීමට ගෙන එන යෝජනා සම්මතයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් පක්ෂව ඡන්දය දුනහොත්  එම පනතේ 18 වගන්තිය ප්‍රකාරව ඔහු අප්‍රමාදව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා දැනුවත් කෙරෙන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය.

නිලධාරියන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත අනුව ඔහු තනතුරින් ඉවත් කිරීමේ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවද  කථානායකවරයා  ප්‍රකාශ කළේය.

යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර සම්පූර්ණ දින පහක් ගත වූ පසු එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *