හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත පාර්ලිමේන්තුවට

හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකිවන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත්  කිරීමට පනත් කෙටුම්පත්ක සකස් කිරීමට 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අනුමැතිය ලබා දී තිබේ.

වත්මන් රජයේ පොහෝසත් රටක් ලස්සන ජීවිතයක් යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිගේ නිශ්කාශනයද ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍ර යේ පළ කිරිම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරන හා ජජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *