LK reports news sinhala

තව අවුරුද්දකින් ආණ්ඩුවටයි අපටයි නරක අත්දැකීමක්

තව අවුරුද්දක් යන විට ආණ්ඩුවට වගේම අපටත් නරක අත්දැකීම්වලට මුහුණ දීමට තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද ආණ්ඩුව කරන්නේ එදා වේල වෙනුවෙන් මාතෘකාවක්  හදාගෙන කල් ගෙවීම පමණක් බවද මන්ත්‍රීවරයා කීය.

“මේ ලබාදීපු පඩි වැඩිවීම ජනතාවට ප්‍රමාණවත්ද කියා ප්‍රශ්නයක් තිබෙනවා.පසුගිය රජයන් වල සිදුවූ අඩුපාඩු කම් නිසා වර්තමානයේ ජනතාවට සහන දෙන්න නොහැකි යැයි හුවා දක්වනවා නම් ඒක බොරුවක්.වත්මන් ජනාධිපතිවරයාගේ සිට දැන් ඉන්න ආණ්ඩුවේ නියෝජිතයන් පහුගිය කාලේ කතා කළේ ජනතාවට ලබා දෙන සහන ගැනයි. දෙමළ ජනතාවට ආපු ගමන් රුපියල් දෙදාහක් දෙනවා යැයි අම්බිකා මන්ත්‍රීතුමිය එදා අඬලා කිව්වා.ඒවා කරන්න බැරි නම් අද සමාජයෙන් සමාව ඉල්ලන්න. ජනතාව රවටා බලය ගෙන ඒ බලය රඳවා ගන්න බැරි බව ඉතිහාසය විසින් ඔප්පු කොට පෙන්වා තිබෙනවා” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *