නීති විරෝධිව ගෙන ආ ඉඟුරු සමඟ අයෙක් අල්ලයි

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරට ගෙන්වන ලද වියළි ඉඟුරු උර  70 ක් නොරොච්චෝල , සංජීකා වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ.

නොරොච්චෝල නාවුක හමුදා අණු ඛණ්ඩයේ නිළධාරීන් හා නොරොච්චෝල පොලිසියේ නිළධාරීන් විසින්  මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම ඉගුරු තොගය සමඟ නිවසේ හිමිකරුවන 33 හැවිරිදි පුද්ගලයෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත් ඉගුරු උර තුළ ඉගුරු කිලෝ 2,828 ක් තිබී ඇත.එහි වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් පමණ වෙතියි කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *