නිලධාරීන් – දේශපාලකයන් එක්ව වැඩ කළ යුතුයි

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කර සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ  හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර, කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, ඉඩම්, වාරිමාර්ග  යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවත්,  ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය හා අදාළ ප්‍රතිපාදන භාවිත කරමින් මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී  විමසා බැලිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *