දෙහිඅත්තකණ්ඩිය සජබයේ සහ සර්වජන බලයේ දීගය අවසන් වෙයි

අම්පාර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ජන්දයේදි පක්ෂ නායකයින් විසින් තීරණයකට එලඹි  ඒ ඒ පක්ෂවලට සභාපති ධුරය ලබා ගැනිමට තීරණය කර තිබු අතර පදියතලාව සභාපතිවරයා තේරිමේදි සමගි ජන බලවේගය මගින් ඒ එකගතාවය කඩා දැමිම නිසා  සරේවජන බලය පක්ෂය දෙහිඅත්තකන්ඩිය සභාවේ ඉදිරි වැඩ සදහා සහව නොදෙන බව සර්වජන බලය පක්ෂයේ අම්පාර සංවිධායක රුෂාන් මලින්ද මහතා පැවසිය.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව .මහඔය,ලාහුගල ප්‍රාදේශිය සභාවල පක්ෂවලට බහුතර බලයක් ගැනිමට කිසිම පක්ෂයකට නොහැකිවිම  නිසා සමගි ජන බලවේගය, ශ්‍රිලංකා පොදුජන පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය  සහ සර්ව ජන බලය පක්ෂ එක්ව  ඉහත ප්‍රාදේශිය  සභාවල බලය ලබා ගැනිමට තීරණය කර තිබේ.

ඒ අනුව ලාහුගල ප්‍රාදේශිය සභාව ශ්‍රිලංකා පොදුජන පෙරමුණටත්, මහඔය ප්‍රාදේශිය සභාව එක්සත් ජාතික පක්ෂයටත් , දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාව සමගි ජන බලවේගයටත්  , පදියතලාව ප්‍රාදේශිය සභාව සර්ව ජන බලයටත් ලබා  ගැනිමටත් පක්ෂ නායකයින් එකඟතාවයට පත්ව තිබේ.

ඒ අනුව ලාහුගල ප්‍රාදේශිය  සභාවේ බලය ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ලබාගත් අතර එහිදි ජාතික ජන බලවේගය හැර සෙසු පක්ෂ සියල්ල ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ   ජගත් හර්ෂණ අපේක්ෂකයාට ජන්දය ලබාදි ඔහු සභාපති ධුරයට පත්කරනු ලැබිය.

මහඔය ප්‍රාදේශිය සභාවේ ජාතික ජන බලවේගය හැර අනෙක් සියලු පක්ෂ එක්වි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය  සභා මන්ත්‍රී සුගත් ලසන්ත මහතා ට ජන්දය ලබාදි ඔහු සභාපතිවරයා වශයෙන් පත්කලේය, දෙහිඅත්තකණ්ඩියේදි සමගි ජන බල වේගයේ අපේක්ෂක ගයාන් දර්ශණ මහතා සභාපති කිරිමට ජාතික ජන බලවේගය හැර සෙසු සියලු පක්ෂ සහයෝගය දක්වනු ලැබිය.

පදියතලාව ප්‍රාදේශිය සභාවේ  සභාපති ධුරය සර්ව ජන බලයට ලබාදිමට කටයුතු සංවිධානය කර තිබුනත් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු තිදෙනෙක් , සර්ව ජන බලයේම එක් මන්ත්‍රිවරයෙක්,පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රිවරයෙක් සහ ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ එක්  මන්ත්‍රිවරියක් පොදු එකගතාවය කඩමින් කටයුතු කර ඇති බව සර්වජන බලයේ දිගාමඩුල්ල ප්‍රධාන සංවිධායක ගුවන් නියමු රුෂාන් මලින්ද මහතා පැවසිය.

සමගි ජන බලවේගයේ ලක්ෂමන් සෙනෙවිරත්න මහතා මැදිහත්ව මෙම කුමන්ත්‍රණය දියත් කල බව ද රුෂාන් මලින්ද මහතා චෝදනා කලේය.දෙහිඅත්තකණ්ඩියේදි තම අපේක්ෂකයින්  ගේ සහය ගෙන පදියතලාවේදි තම අපේක්ෂකයා පරාද කිරීමට කටයුතු කිරිම ඉතා පහත් ක්‍රියාවක්  බව රුෂාන් මලින්ද මහතා  වැඩිදුරටත්  පැවසිය.

මේ නිසා සර්ව ජන බලය පක්ෂයේ විධායක සභාව ඉකුත්  03 පක්ෂ මුලස්ථානයේ දි රුස්වු  අතර මිලග  දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය  සභාවේ ඉදිරි කටයුතු කිරිමේදි සමගි ජන බලවේගයේ සභාපති ගයාන් දර්ශණ මහතාට සහය නොදිමට විධායක කමිටුව පියවර ගත් බවද රුෂාන් මලින්ද මහතා පැවසිය.

ඒ අනුව ඉදිරි කටයුතුවලදි  සර්වජන බලයේ සහය නොමැතිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය  සභාවේ කිසිම පනතක් සම්මත කර ගැනිමට නොහැකි බවද සදහන්  කලේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *