කොතලාවලින් දේශිය සිසුන්ට යළි ඉඩ

වෛද්‍ය උපාධිය සඳහා  මුදල් ගෙවීමේ පදනම මත දේශීය සිසුන් නැවත වරක් බඳවා ගැනීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තීරණය කර ඇත.

මීට පෙර පසුගිය මැයි 22 ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ මේ වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට් භටයින්ට සහ විදෙස් සිසුන්ට පමණක් සීමා කෙරෙන බවයි.

කෙසේ නමුත් එම තීරණය ආපසු හරවමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධියට දේශීය සිසුන්ගෙන් අයැදුම් පත්‍ර කැඳවා ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිස වෛද්‍ය උපාධිය සඳහා අයැදුම් කිරීමට දේශීය සිසුන්ට හැකියාව පවතින අතර ඒ සඳහා අවශ්‍ය අවම සුදුසුකම අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් එක් වරකදී ජීව විද්‍යා විෂයය ධාරවෙන් “සී” සාමාර්ථ දෙකක් සහ “එස්” සාමාර්ථයක් ලබාගෙන තිබීමය.

එලෙස වෛද්‍ය උපාධියට ඇතුළත් වන සිසුසිසුවියන් උපාධිය නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 175 ක මුදලක් වැය වේ. උපාධිය සඳහා ඉල්ලුම් කළ හැකි අවසාන දිනය වන්නේ එළැඹෙන 18 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *