නේවාසික රෝගීන්ට ප්‍රනීත ආහාර වේලක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ප්‍රනීත, ගුණදායක ආහාරවේලක් ප්‍රියමනාපව රෝගියාට ලබා දීමේ අවශ්‍යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කළත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු මතුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *