මානුෂීය සංකල්ප වලින් ඉවත් වීම ආර්ථික පරිහානියට හේතුවයි – අධිකරණ අමාත්‍ය

මුලික මානුෂීය සංකල්ප වලින් ඉවත්වී මුදලට යාන වාහන වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  මහතා පැවැසීය.

හර්ෂණ නානායක්කාර  මහතා මේ බව කීවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු අනෝන්‍ය අර්ථ සාධක අරමුදල් සමුපකාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ 2021 /2022 සහ 2023 අධ්‍යයන වර්ෂ වල රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් ලැබු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට   කොළඹ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩා මණ්ඩප ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සහභාගී වෙමිනි.

විශ්ව විද්‍යාල වරම් ලැබුවන් 68 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *