Perpetual

පර්පෙචුවල් තහනම තවත් මාස හයක් දීර්ඝ කරයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් මාස හයකට දීර්ඝ කිරීමට මහ බැංකුව  තිරණය කළේය.

ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සඳහා, අද සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකුගේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවදුරටත් මාස හයක කාලයක්  අත්හිටුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *