ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 219ක බලය පිහිටුවීමට ඊයේ (30) පස්වරුව වන විට සමත්ව සිටියේය.
සමඟි ජනබලවේගය පළාත් පාලන ආයතන 30 ක ද, ඉලංගෙයි තමිල් අරසු කච්චි පළාත් පාලන ආයතන 20ක ද, වෙනත් පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 18 ක ද, අද පස්වරුව වන විට බලය පිහිටුවා තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන 6 ක බැගින් ද, ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 3ක ද, එක්සත් ජාතික පක්‍ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ආයතන දෙක බැගින් ද, බලය පිහිටුවීය.
අධිකරණ නියෝග සහ විවිධ හේතුන් මත සභා පිහිටුවීම ආයතන 18 ක කල්දැමීමට සිදුව තිබේ.
මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයට ඇතුළත් වූ පළාත් පාලන ආයතන 339 න් ආයතන 315ක මේ වන විට සභා පිහිටුවා තිබේ.