උද්ධමනය තවත් ඉහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

එම උද්ධමනය මැයි මාසයේ සියයට සෘණ -0.7 ක් වූ බවත් මෙම මාසයේ එය සියයට සෘණ -0.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය මෙම මාසයේ සියයට 4.3 ක් දක්වා අඩු වී ඇති අතර එය මැයි මාසයේ සියයට 5.2 ක පැවතුණු බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ සියයට සෘණ -2.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මැයි මාසයේ එය සියයට සෘණ -3.3 ක පැවැති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *