ඉරානයට ආයෙත් ගහනවා – ට්‍රම්ප්

ඉරානය යළිත් වතාවක්, යුරේනියම් බලගැන්වීමක් කරන්නේ නම්, ඉරානයට පහර දීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.‍

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකදී, බීබීසී පුවත් සේවයේ මාධයවේදිනී නෝමියා ඉක්බාල් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘සැකයක් නැහැ. ඉරානය යුරේනියම් බලගැන්වීමක් කරමින්, පරමාණු බෝම්බ නිපදවන බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කළොත්, යළිත් ඉරානයට පහර දෙන්න මා සූදානම්’ යැයි ට්‍රම්ප් පැහැදිලි කළේය.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් අතරේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙද්දී වීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *