කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය ඊයේ (26) වාර්තා වූ බව එම වෙළෙඳපොල පැවසීය.
අද දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය ජූනි 12 වැනි දින වාර්තා වූ ඒකක 17,661 ක් වූ ඉහළ අගයේ වාර්තාව අභිබවා ගිය බවත් සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84 කින් අද දිනය ඉහළම ගිය බවත් එම වෙළෙඳපොල කීය.
එස් ඇන්ඩ් පී එස්එල්20 දර්ශකය ඒකක 46.34 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 5,265.35 ක් ලෙසින් සටහන් වූ බවත් රුපියල් බිලියන 6.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ බවත් කොළඹ කොටස් වෙළෙඳපොල වැඩි දුරටත් සඳහන් කළේය.