මල්වතු මහා නා හිමිගෙන් මානව හිමිකම් කොමසාරිස්ට සැර ප්‍රකාශයක්

සෑම රටකම සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටිනවා. මෙරට බහුතර පිරිස් සියලු ජාතීන් සමග සාමකාමී සහජීවනයෙන් ජීවත්වෙනවා යැයි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා හමුවේ ඊයේ පැවසූහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ඊයේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහානා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මල්වතු මහානා හිමියන් ඒ බව අවධාරණය කළේය.

ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට ලෝකය පුරා බොරු ප්‍රචාර ගෙන යනවා. පාසල් හා පිරිවෙන් වල පවා දෙමළ භාෂාව උගන්වනවා. රජයේ සේවකයන්ට දෙමළ භාෂා දැනුම ලබා දෙනවා. මේ සියල්ල කරන්නේ ජාතික හා ආගමික සංවිධියාව ඇති කිරීම මූලික කරගෙනයි. මානව හිමිකම් කඩවීම පිළිබඳව අපගේ රටට එරෙහිව 2014 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම චෝදනාවක් කළා. ඔබ තුමන් මෙරටට පැමිණියේ එවැනි දේකටද කියලා මම දැනගන්න කැමතියි.

අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් මේ රටේ ඉන්නවා. එවැනි පිරිස් සෑම ජාතියකම වගේම සෑම රටකම ඉන්නවා. ඔවුන් යම් අරමුණු වෙනුවෙන් ජාතික හා ආගමික සංවිධයාව බිඳ දැමීමට උත්සාහ කරනවා. දේශපාලනඥයන් සුළු පිරිසක් ද මේ අතර සිටිනවා. ඔබතුමා හමුවීමේ අපේක්ෂාවෙන් සිටි දෙමළ ජාතිකයන් දේශපාලනඥයින්ව පන්නා ගන්නවා අපි දැක්කා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *