රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (26) නියෝග කළේය.
නීතිඥවරු මගින් අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්රාත්වරයා වාස් මහතා ඇප මත මුදා හැරීමටද නියෝග කළේය.
රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප හතරක් ද නියම කළේය.