අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනයට

විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත (මහ මුහුදේ අන්තරායකර ඖෂධ ජාවාරම් තහනම් කිරීම) සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන ලද යෝජනාව 2025-02-09 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත.

එහිදී අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගෙන, මූලික කෙටුම්පතක්/ සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගෙන, විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සඳහා වන සංශෝධන හඳුනා ගනු ලැබ තිබේ.

එකී සංශෝධන මත පදනම්ව විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *