රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් පත් කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
එම කාරක සභාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමි විය.
මේ අනුව සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපතිවරයා ලෙස සෝමසිරි ඒකනායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස බී. ඒ. පී. කේ. ආර් බමුණු ආරච්චි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම්. ආර්. එච් ස්වර්ණතිලක සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපතිවරයා ලෙස එස්. නේසරාජන් යන මහත්වරුන්ගේ පත්කිරීම් වලට කාරක සභාවේ අනුමතිය හිමිවිය.