කොලොන්නාව ගංවතුරට විසැඳුම් දෙන කමිටුව රැස්වෙයි

කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමට අදාළ නිර්දේශ ලබාදීම වෙනුවෙන් පත් කර ඇති අනුකමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් විය.

කොලොන්නාව නගර සභා හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සදහා වන නගර සැලසුම් ඇතුළත් කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය  කිරිම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී  කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන,  කොලොන්නාව නගර සභාවේ නගරාධිපති ධම්මික විජයමුණි ඇතුළු මීට අදාල ආයතන වල නිලධාරීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *